සාගරෙ කියල දිය දොතක මට දීපු
නුබේ ආදරේ දිග පලල තාම මම මනිනවා
මයික්‍රො මීටර ආමනයෙන්
ඒත් තව මෑන ගන්න බෑ ........
කුඩා මිනුමටත් වඩා
මහා ලොකු ආදරේ
ලොකු වෑඩිද මන්දා
Wednesday, August 17, 2016
Wednesday, February 3, 2016
අනාගත සිහින
චීන කැලැන්ඩරෙන් බලලා
කොල්ලෙක් හදමු
ලොකු ඉස්කොලයක් ගාවින්
ඇඩ්රස් එකක් හොයන් ........
හැබැයි මොකෙක් උනත්
"අ" යන්නෙන් නම දාමු
ඔල මොට්ටලයෙක් උනොත්
දවසක .......
අංක එකෙන්
මනාපේවත් ඉල්ලන්න........
Friday, January 29, 2016
බට්ටිත්තා
Youtube එකේ
Video එක
subscribe කරලා
සිල් බිදගන්න ආස
අක්කෙක් එනකම්
කහ ඉර පැනලා
තලු මර මර බලන් ඉන්න
බට්ටිත්තෙක් මම
Monday, January 25, 2016
උගත් පාඩම්
ගෑණු පෙන්නන
පත්තරේ ප්‍රෙහේලිකාවක් වත්
ආයේ පුරවන්නේ නෑ
මැදැයි උන හරිය
කවි පද දෙකක් නිසා
ගිය පාර..... කාලිදාස ......
Friday, January 22, 2016
රෝස කැලේ ...... කටු අකුලේ.......
ගිනි ගිනි බෝලෙන් සෙල්ලම් කරන්න . .
රැලි රැලි මාලෙ දාගෙන. . .
රෝස කැලේට ආයෙත් මට යන්න. .
අම්ම වත් එනව නම් . .
බේරගන්න මාව. .
මේ කටු අකුලෙන්. .
මම මටම නැතිකර ගත්තු. .
මගෙ ලැජ්ජා බය. .
සුදු පිරුවටෙන් වහන් කරන් . .
ආයෙත් මල් වර වෙලා . . .
එක වතාවක් ගමට යන්න. .
රැලි රැලි මාලෙත් දාගෙන. .
රොස කැලේ සෙල්ලම් කරන්න. .
ෆර්දාවටත් හොරෙන් ...........
කාටත් හොරෙන්……….
ඇවිත් කාටත් හොරෙන්……….
රෝස කම්මුල් කාටත් හොරෙන්……….
හාදුවකින් රතු කරලා කාටත් හොරෙන්……….
ලැජ්ජාවෙන් ඇඹරෙන හැටි කාටත් හොරෙන්……….
හුළගක් වෙලා කාටත් හොරෙන්……….
බලන් ඉන්න ආසයි කාටත් හොරෙන්……….
මොදුවෙන ආදරේ කාටත් හොරෙන්……….
හංගගෙන නොපෙනෙන කාටත් හොරෙන්……….
තුරැල් කරන් සැනසෙන්න වතාවක් කාටත් හොරෙන්……….
කාටත් හොරෙන්……….
ලගදිම …. කාටත් හොරෙන්……….
එනතුරැ බලන් ඉන්නව නේද කාටත් හොරෙන්……….
(අපි හැගුම් වලට ඉඩදී මොහොතක් ……. ඉඩ ලබා ගනිමු තරමින් වියතක්)
කාටත් හොරෙන්……….
Tuesday, January 19, 2016
Facebook ආදරේ
පාන්දරින් අත ලගට තේක දුන්නට
කෑම ටික රහට හැදලා දුන්නට
කවදකවත් නොකිව්ව ......
උන්ඩි කරපු රෙදි අපුල්ලලා
වේලලා මැද්දට
කියන්න අමතක වෙච්චි .....
උජාරැවට මම මගේ කියන
පැටව් දෙන්න කවලා පොවලා හැදුවට
කියන්න නොහිතිචිච .....
කණු කුණු නොගා අත තියන
සොච්චම මාසෙටම පිරිමැස්සට
කියන්නම වටින ආදරේ .......
ලෝකෙටම දැන ගන්න
ඉස්ටේටස් එකක් දැම්ම
ඔය වැඩ කරන අල්ල පනල්ලේ
Check කරන්න ලැබුනොත්
Profile එක
උඹට පෙනෙයි මගේ ආදරේ
මහමෙරක් වගෙ කියලා .....
New ටන්
යකෝ නිවුටන්
උඔට තේරෙන්නේ නෑ
උඔ නිසා තියන වදේ ......
කොහේ බැලුවත් උඹෙි නම
උඹෙි පාඩුවෙ උඹට
ඉන්න බැරි උන හැටි ......
සටහන් මිටි ගනන්
උඹෙ මෝල් theory ගැන ......
හැබැයි එක දෙයක් හරි
උඹ කිවිව ......
හැම ක්‍රියාවටම හරියන
ප්‍රති ක්‍රියාවක් තියනවා .......
Subscribe to:
Posts (Atom)