Wednesday, August 17, 2016

සාගරෙ කියල දිය දොතක මට දීපු
නුබේ ආදරේ දිග පලල තාම මම මනිනවා
මයික්‍රො මීටර ආමනයෙන්
ඒත් තව මෑන ගන්න බෑ ........
කුඩා මිනුමටත් වඩා
මහා ලොකු ආදරේ
ලොකු වෑඩිද මන්දා

Wednesday, February 3, 2016

අනාගත සිහින



චීන කැලැන්ඩරෙන් බලලා
කොල්ලෙක් හදමු
ලොකු ඉස්කොලයක් ගාවින්
ඇඩ්රස් එකක් හොයන් ........
හැබැයි මොකෙක් උනත්
"අ" යන්නෙන් නම දාමු
ඔල මොට්ටලයෙක් උනොත්
දවසක .......

අංක එකෙන් 
මනාපේවත් ඉල්ලන්න........

Friday, January 29, 2016

ජාතික ප්‍රතිපත්තිය


ආණ්ඩු මාරැ උන දාට

කරපු අය යන්න වෙන පොලිස්

වැඩක් වේවිද, තවත් .......

මෙගා පොලිස්

බට්ටිත්තා



Youtube එකේ
Video එක
subscribe කරලා
සිල් බිදගන්න ආස
අක්කෙක් එනකම්
කහ ඉර පැනලා
තලු මර මර බලන් ඉන්න
බට්ටිත්තෙක් මම


Monday, January 25, 2016

උගත් පාඩම්


ගෑණු පෙන්නන
පත්තරේ ප්‍ර‍ෙහේලිකාවක් වත්
ආයේ පුරවන්නේ නෑ
මැදැයි උන හරිය
කවි පද දෙකක් නිසා
ගිය පාර



..... කාලිදාස ......




Friday, January 22, 2016

රෝස කැලේ ...... කටු අකුලේ.......



ගිනි ගිනි බෝලෙන් සෙල්ලම් කරන්න . .
රැලි රැලි මාලෙ දාගෙන. . .
රෝස කැලේට ආයෙත් මට යන්න. .
අම්ම වත් එනව නම් . .
බේරගන්න මාව. .
මේ කටු අකුලෙන්. .
මම මටම නැතිකර ගත්තු. .
මගෙ ලැජ්ජා බය. .
සුදු පිරුවටෙන් වහන් කරන් . .
ආයෙත් මල් වර වෙලා . . .
එක වතාවක් ගමට යන්න. .
රැලි රැලි මාලෙත් දාගෙන. .
රොස කැලේ සෙල්ලම් කරන්න. .

ෆර්දාවටත් හොරෙන් ...........



කාටත් හොරෙන්‍………. 

ඇවිත් කාටත් හොරෙන්‍……….
රෝස කම්මුල් කාටත් හොරෙන්‍……….
හාදුවකින් රතු කරලා කාටත් හොරෙන්‍……….
ලැජ්ජාවෙන් ඇඹරෙන හැටි කාටත් හොරෙන්‍……….
හුළගක් වෙලා කාටත් හොරෙන්‍……….
බලන් ඉන්න ආසයි කාටත් හොරෙන්‍……….
මොදුවෙන ආදරේ කාටත් හොරෙන්‍……….
හංගගෙන නොපෙ‍නෙන කාටත් හොරෙන්‍……….
තුරැල් කරන් සැනසෙන්න වතාවක් කාටත් හොරෙන්‍……….
කාටත් හොරෙන්‍‍‍………. 

ලගදිම ‍‍‍….‍ කාටත් හොරෙන්‍……….
එනතුරැ බලන් ඉන්නව නේද කාටත් හොරෙන්‍……….

(අපි හැගුම් වලට ඉඩදී මොහොතක් ……. ඉඩ ලබා ගනිමු තරමින් වියතක්)

කාටත් හොරෙන්‍……….